Learn and Speak languages with native speakers

ඉංග්‍රීසි ඉගෙන ගන්න

එංගලන්තය හා එක්සත් ජනපදයේ දේශීය ගුරුවරුන්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න.

ඔබට ඉංග්‍රීසි පාඩම් තුනක් නොමිලේ ලබා ගත හැකිය.  අදම ලියාපදිංචි වන්න, මිල දී ගැනීමට අවශ්‍ය නැත, ක්‍රෙඩිට් කාඩ් අනවශ්‍යයි, සැබවින්ම නොමිලේ!


Lingostan මගින් ඔබගේ නිවසේ සිට ස්කයිප්, වීචැට්, ගූගල් හැන්ගවුට් හා වෙනත් මෙවලම් තුළින් පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන පුහුණු වීමට ඔබට පුළුවන.  (එක්සත් රාජධානියේ TEFL සහතික ලත්) අපගේ ඔන්ලයින් ස්වදේශික පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරුන් ඔබේ කථනය හා ශ්‍රවණ හැකියාව වැඩි දියුණු කිරීමට උපකාර කරනු ඇත.

ඉංග්‍රීසි ඉගෙන ගන්න


පෙර-සූදානම් රහිත ඉගැන්වීම් (ස්කයිප් සංවාද) හෝ වෘත්තීය ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලා මගින් ඔබේ ඉංග්‍රීසි දැනුම බොහෝ සෙයින් වැඩිදියුණු කිරීමට ඔබට හැකි වනු ඇත.  මෙහි ගාස්තු අඩුය, අපගේ ඔන්ලයින් පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරුන්ගේ අයකිරීම් අඩු නමුත් ඔවුන් භාෂා ඉගැන්වීමේ අත්දැකීම් සහිත ඉහළ කුසලතා ඇති අයයි.  ඔබට ඇත්තේ ඔබ වඩාත් කැමැති ගුරුවරයෙකුගේ ප්‍රොපයිලයක් හා ඔබට පහසු කාලයක් තෝරා, පාඩම වෙන් කරවා ගෙන එම පාඩමට පමණක් ගෙවීමයි, බැඳීම් නැත, පාඨමාලා සඳහා ගෙවීමට ඔබට බල නොකෙරේ.  ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ මුල පටන්ම (එනම් ආරම්භක මට්ටමේ දී) නම් හෝ සමහර විට ඔබ දැනටමත් භාෂාවේ අන්තර්මධ්‍යම හෝ උසස් තත්වයක සිටින්නේ නම්, ඔබේ මව් බස කතා කරන ගුරුවරයෙකු තෝරා ගැනීමට ද ඔබට පුළුවන.  අනෙකුත් භාෂාවලින් දක්ෂ ලෙස කථා කරන බොහෝ ගුරුවරුන් මෙහි සිටින අතර ඔබේ මව් භාෂාවෙන් හැම දෙයම විස්තර කිරීමට ඔවුන්ට හැකි වනු ඇත.  තව ද, ඔවුන් විසින් පන්තිය අවසන් වූ පසු ඔබේ ඉගෙනීමට උදව් වන ව්‍යාකරණ පොත්පත් ආදිය PDF, වීඩියෝ, හා වෙනත් ප්‍රයෝජනවත් මාධ්‍ය තුළින් ඔබට නොමිලයේ ලබා දෙනු ඇත.
එන්න, විවිධ රටවල විවිධ සංස්කෘතීන් ඇති බොහෝ ජනයා සමඟ කතා කර විනෝද වන්න!
මා ඔන්ලයින් මගින් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කෙසේ ද?

ඔබ ඔන්ලයින් මගින් ඔබේ ඉංග්‍රීසි දැනුම දියුණු කර ගැනීමට කැමැති ද?
ඔබගේ වර්තමාන මට්ටම කුමක් ද?  එය ආරම්භක, මූලික හෝ අන්තර්මධ්‍යම ද? ඔබ එය උසස් මට්ටමකට දියුණු කිරීමට කැමැති ද?  අප ඔබට පවසන්නේ එය කළ හැකි බවත්, එය ඔන්ලයින් මගින් කළ හැකි බවත්ය.   ඔබ ඔබේ නිවසින් පිට යාමටවත් ඕනෑ නැත.
Lingostan ඔබ සඳහා හොඳම ගුරුවරුන් සොයා ගෙන ඇත.  ඔවුන් ඔබගේ ඉංග්‍රීසි ශබ්දකෝෂය, ව්‍යාකරණ හා ශ්‍රවණය උදෙසා ඔබට උපකාර කරනු ඇත.  ඔවුන්ගේ උදව්වෙන් ඔබ උසස් ඉංග්‍රීසි භාෂාවේ ඇති සියළුම රහස් ද, ව්‍යාපාරික ස්වරූපයෙන් වෘත්තියමය ලෙස ලියන්නේ කෙසේ ද, ඊමේල් ලිවීමේ ආචාර රීතීන් මොනවා ද, හා පරීක්ෂණයකට සූදානම් වන ආකාරය හා තවත් ‍බොහෝ දේ දැන ගනී.
පාසැලකට යාමට ඔබට කාලය නොමැති නම්, ඔන්ලයින් මගින් ඉංග්‍රීසි ඉගෙන ගන්න.  ඔබ දැනටමත් ඉහළ මට්ටමක සිටින නමුත් ඔබට භාෂණ පුහුණුවක් නොලැබෙන්නේ නම්, පෞද්ගලික ගුරුවරයෙකු සමඟ පාඩමකට ලියාපදිංචි වී නොමිලේ කතාබහ කිරීමට ඔබට පුළුවන.  උසස් මට්ටමේ සිටින අයට පවා එය ප්‍රයෝජනවත් වේ.  සුළු පුහුණුවකින්, ඔබේ හැකියාව නොසිඳී පවත්වා ගැනීමට, ඔබේ අධි-උච්චාරණය අඩු කිරීමට, හා ස්වදේශීයකු මෙන් පෙනී සිටීමේ අවසාන ඉලක්කය කරා ළඟා වීමට ඔබට හැකි වනු ඇත.
ඔබ තෝරා ගන්නේ කුමන විකල්පයක් වුව ද, ඔබ සතුටින් ඔබේ පාඩම් කටයුතු කරනු ඇතැයි Lingostan බලාපොරොත්තු වෙයි.